කොරෝනා රෝගින් පිරි යයි.. ඇතැම් රෝහල් රෝගීන් බාර නොගනී

0
273

බස්නාහිර පළාතේ රෝහල්වල කොරෝනා ආසාදිතයන් සඳහා වෙන්කර ලද වාට්ටුවල ඇඳන් පිරී යමින් ඇති ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

දැනටමත් ඇතැම් රෝහලට කොරෝනා ආසාදිතයන් බාර ගැනීම නතර කිරීමට සිදුව ඇතැයිද අමාත්‍යාංශය කියයි.

කොළඹ ජාතික රෝහලේ කොරෝනා වාට්ටු දහයක්, උතුරු කොළඹ රෝහලේ වාට්ටු 13ක් මේ වන විට කොරෝනා ආසාදිතයන් ගැන පිරි තිබේ.

ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස භාවිතා වන ස්ථානයන්හි ඇඳන් ද මේ වන විට පිරී යමින් තිබේ.

රෝහල්වල දැඩි සත්කාර ඒකක 650 ක් ඇති අතර එම ඇඳන් බහුතරය පිරී ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here