එච්. අයි.වී. රෝගීන් ඉහලට

0
348

එච්. අයි.වී. රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව එච්.අයි.වී. ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ සඳහන් කරයි. වැඩිම පිරිස කොළඹ, ගම්පහ, නුවර හා කුරුණෑගල ප්‍රදේශවලින් වාර්තාවී ඇතැයි ද හෙතෙම පැවැසීය.මේ වසරේ ගතවූ මාස පහ තුළදී පමණක් රෝගීන් 135 දෙනෙකු හමුවී ඇති බවත් ඔවුන්ගේ වැඩිම පිරිස වයස අවුරුදු 25-45 අතර අය බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.අවුරුදු 20-28 අතර වයස් කාණ්ඩයේ පුද්ගලයින් 15 දෙනෙකු පමණ මේ වසරේ ගතවූ මාස කීපය තුළදී හඳුනාගෙන ඇතැයි වෛද්‍ය ලියනගේ පැවැසීය. අනාරක්ෂිත පුරුෂ සමලිංගික සබඳතා හේතුවෙන් රෝගය වැඩි වශයෙන්ම බෝවී ඇති බව කරන ලද සමීක්ෂණ තුළින් අනාවරණය වී ඇතැයි එච්.අයි.වී. ඒඩ්ස් මර්දන වැඩසටහන සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here