ගුරු, ගුරු උපදේශක විදුහල්පති සේවා සංවෘත සේවා බවට – 5000 මාසික දීමනාවක්

0
305

ගුරු , ගුරු උපදේශක සහ විදුහල්පති සේවා සංවෘත සේවා බවට පත් කර ලබන නොවැම්බර් 20 වන දිනට පෙර ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

එමෙන්ම ගුරු විදුහල්පති සේවාවන්හී වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ නිර්දේශ සලකාබලා තීරණයන් කිහිපයකට එළඹීමට කැබිනට් මණ්ඩලය පියවර ගෙන ඇති බව ද අද (31) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඒ බව සඳහන් කළේය.

එමෙන්ම ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ඇමති අනු කමිටු වාර්තාව පිළිගත් කැබිනට් මණ්ඩලය එම යෝජනා අයවැය ලේඛනයට ඇතුළත් කරන තෙක් ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට රුපියල් පන්දහසක මාසික දීමනාවක් ගෙවීමට යෝජනා කර ඇත.

කෙසේ වෙතත් ගුරු විදුහල්පති වෘත්තිය සමිති සඳහන් කළේ කැබිනට් මණ්ඩලයේදී ගනු ලබන තීරණය ලිඛිතව තමන් වෙත ලබාදෙන තුරු සිය වෘත්තිය ක්‍රියාමාර්ග නතර නොකරන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here