Sunday, September 22, 2024

රු.2000 ප්‍රමාණවත් නැහැ තමයි – කරන්න දෙයක් නැහැ

මේවන විට ලබා දෙන රුපියල් 2000 දීමනාව ප්‍රමාණවත් නොවන බව රජය පිළිගනී.

නමුත් මේ අවස්ථාවේදී රටේ පවතින තත්වය හමුවේ මෙම මුදලත් ජනතාවට ලබා දෙන්නේ ඉතාමත් අසීරුවෙන් බව කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ පැවසුවේය.

රුපියල් 2000 දීමනාව කිසිම අදායමක් නැති ජනතාවට ලබා දෙන බව පෙන්වා දුන් අමත්‍යවරයා පැවසුවේ එය ප්‍රමාණවත් නොවුවත් මේ අවස්ථාවේදී කල හැකි දෙයක් නැති බවය.

“රජයට අඛණ්ඩව ජනතාවට මූල්‍ය සහනාධාර ලබාදීම සම්බන්ධයෙන් ප්‍රබල ගැටලුවක් තියෙනවා. මීට පෙර අවස්ථා 3කදී රුපියල් බිලියන 80කට අධික මුදලක් වියදම් කරමින් රුපියල් 5,000 දීමනාව ලබාදුන්නා. මේ අවස්ථාවේදී ඉතාම අපහසුතාවයකට පත්වෙලා තිබෙන කෙසේවත් තමුන්ගේ දෛනික ජීවිතය පවත්වා ගත නොහැකි පිරිසකට සහනයක් හැටියට තමයි ලබාදීලා තියෙන්නේ. ඒක ප්‍රමාණවත් නොවෙන්නත් පුළුවන්. අපි ඒක පිළිගන්නවා. අපිට අවශ්‍ය රෝගය ඉක්මණින් පාලනය කරගෙන ආර්ථික තත්ත්වය යථාතත්ත්වයට පත්කර ගන්න.” යැයි ඔහු පැවසුවේය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles