කොවිඩ්වලින් ආරක්ෂාවීමට ආයුර්වේද ඖෂධ මංජුසාවක්

0
316

කොවිඩ් 19 වසංගත තත්වය පාලනය කිරීම සඳහා දිවයිනේ සියලුම පවුල්වලට දේශීය ඖෂධ ඇතුළත් මංජුසාවක් ලබාදීමට පියවර ගෙන ඇතැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.

ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තාවන ප්‍රදේශවලින් මෙම වැඩපිළිවෙල ආරම්භ කරන බව කී රාජ්‍ය අමාත්‍යවරයා අනතුරුව සෙසු ප්‍රදේශවලට ද මෙම මංජුසාව බෙදා හරින බව සඳහන් කළේය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී වසම් හරහා බෙදාහැරෙන මෙම ඖෂධ මංජුසාවට සුවධරණි, ගුඩුච්ඡාදී පානය, ඖෂධීය ප්‍රතිශක්තිකරණයක් ලබාදෙන ආහාර අතිරේක ඇතුළත් කැඳ පැකට් ආදිය ඇතුළත් කරන බව ද සිසිර ජයකොඩි මහතා කීවේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here