සියලු දරුවන්ට අධ්‍යාපනය දීමේ වැඩසටහනක් අරඹනවා – ජනමාධ්‍ය ඇමති

0
309

කොරෝනා වසංගතය මධ්‍යයේ වුවත් දිවයිනේ සියලුම දරුවන්ට කිසිදු ගැටලුවකින් තොරව අධ්‍යාපනය ලබාදීමේ ජාතික වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව ​කඩිනමින් ආරම්භ කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කොළඹ දී අද (31) පැවසීය.

මාධ්‍ය ආයතන වල ද සහයෝගය ඇතිව සියලුම ශ්‍රේණි වල සියලුම විෂයයන් ආවරණය වන පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යරයා සදහන් කළේය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ අමාත්‍යාංශය නිලධාරීන් සමග ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here