Saturday, September 21, 2024

කොවිඩ් එන්නත් ගේන්න කෝටි 2,784 ක් වැය කරලා

කොවිඩ් මර්දන එන්නත් මෙරටට ගෙන්වීම සඳහා රජය රුපියල් මිලියන 27,836කට අධික මුදලක් මේ දක්වා වැය කර ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

සයිනොෆාම්, ෆයිසර්, ස්පුට්නික් v, ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 16,359,560ක ප්‍රමාණයක් රජය මේ වන විට මුදල් ගෙවා මිලදී ගෙන තිබේ.

සයිනොෆාම් එන්නත් මාත්‍රා 15,000,000ක් ද, ෆයිසර් එන්නත් මාත්‍රා 664,560ක් ද, ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 500,000ක් ද, ස්පුට්නික් v එන්නත් මාත්‍රා 195,000ක් ද වශයෙන් මේ මිලදී ගැනීම් සිදු කර තිබේ.

විවිධ රටවලින් පරිත්‍යාග ලෙස එන්නත් මාත්‍රා 3,500,000ක් මේ වනවිට මෙරටට ලැබී ඇති අතර ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 500,000ක් සහ සයිනොෆාම් එන්නත් මාත්‍රා 3,000,000ක් ඒ අතර වේ.

මිලදී ගැනීම, පරිත්‍යාග සහ කොවැක්ස් පහසුකම යන තුන් ආකාරයකින් යම් රටකට කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීමට හැකියාව තිබෙන අතර ශ්‍රී ලංකාවට කොවැක්ස් පහසුකම යටතේ ලැබුණු සමස්ත එන්නත් මාත්‍රා ප්‍රමාණය 3,219,940කි. එය මොඩර්නා එන්නත් මාත්‍රා 1,500,100ක් හා ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 1,719,840ක් වශයෙන් ලැබී ඇත.

කොවැක්ස් පහසුකම යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ලෝකයේ රටවලට එන්නත ලබාදීම සිදු කරනු ලබයි.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 2,719,840ක් ද, ස්පුට්නික් v එන්නත් මාත්‍රා 195,000ක් ද, ෆයිසර් එන්නත් මාත්‍රා 664,560ක් ද, සයිනොෆාම් එන්නත් මාත්‍රා 18,000,000ක් ද, මොඩර්නා එන්නත් මාත්‍රා 1,500,100ක් ද ලෙස සමස්ත එන්නත් මාත්‍රා 23,079,500ක් මේ දක්වා මෙරටට ලබා ගෙන ඇත. පසුගිය පැය 24 (29) ගත වන විටදී මෙරට ජනගහනයෙන් 12,325,737කට කොවිඩ් මර්දන පළමු එන්නත් මාත්‍රාව ද, ජනගහනයෙන් 7,173,120කට දෙවැනි මාත්‍රාව ද දී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles