දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් ගණනාවක පැතිර යන මාරාන්තික C.1.2 ප්‍රභේදය මෙරටට පැමිණ ඇත්දැයි පරීක්ෂණ

0
325

දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් ගණනාවක පැතිර යන ලොව මෙතෙක් සොයාගෙන ඇති මාරාන්තිකම කොවිඩ් වෛරස ප්‍රභේදය ලෙස සැලකෙන C.1.2 ශ්‍රී ලංකාවටද පැමිණ ඇත්දැයි සෙවීමට පරීක්ෂණ පවත්වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

සියලු කොවිඩ් ප්‍රභේද අභිබවා යමින් ඉහළම විකෘතිතා පෙන්නුම් කරන මෙම නව කොවිඩ් ප්‍රභේදය, කොවිඩ් මර්දන එන්නත් මගින් නිෂ්පාදනය කෙරෙන ප්‍රතිශක්තිය පවා අභිබවා යෑමට සමත්වූවක් ලෙස වෛද්‍ය පර්යේෂකයන් සැක පළ කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

කෙසේ වෙතත් C.1.2 නමැති වෛරස ප්‍රභේදය මෙරටින් මෙතෙක් හමු වී නොමැති බවත්, ඒ පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන බවද ප්‍රකාශ කළා.

මෙම වෛරස ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් පළමු වරට සොයා ගැනීමෙන් පසුව එංගලන්තය,චීනය, කොංගෝ,මොරිසස්, නවසීලන්තය, පෘතුගාලය සහ ස්විට්සර්ලන්තය යනාදි රටවලින්ද සොයා ගැනුණු බවත් මෙය ඩෙල්ටා ප්‍රභේදයට වඩා කොපමණ ප්‍රබල දැයි යන්න සම්බන්ධයෙන් ලෝකය පුරා විමර්ශන ආරම්භ වී ඇති බවත් සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙම නව විකෘතිතා සහිත ප්‍රභේදය චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් හමුවූ කොවිඩ් ප්‍රභේදයට වඩා බොහෝ සෙයින් වැඩි අනතුරුදායක බවයි පැවසෙන්නේ.

එහි විකෘති භාවයේ ප්‍රමාණය සියයට 41.8ක් ලෙස හඳුනාගෙන තිබෙනවා.

මෙම මාරාන්තික C.1.2 ප්‍රභේදය පළමු වරට සොයා ගනු ලැබුවේ පසුගිය මැයි මාසයේදීයි.

දකුණු අප්‍රිකාවේ බෝවන රෝග පිළිබඳ ජාතික පර්යේෂණායතනය එම ප්‍රභේදය සොයා ගත්තා. (colombotimes.lk)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here