Sunday, September 22, 2024

විනිමය පාලනය මහ බැංකුවෙන් ගිලිහිලා.. ඩොලරය 260 පැනලා.. බැදුම්කර ගෙවීම ප්‍රශ්නයක්

මෙරට විනිමය වෙළඳපොළ පාලනය කිරීමේ ශක්තිය සම්පූර්ණයෙන්ම මහ බැංකුවෙන් ගිලිහී තිබෙන බවත් එය නීති රීති දමා හෝ තර්ජනය කර හෝ මහ බැංකුවේ බලතල පාවිච්චි කර පාලනය කිරීමට නොහැකි වනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා අනාවරණය කරයි.

“මේ වනවිට කළු කඩය තුළ ඩොලර් එකක් රුපියල් 240, රුපියල් 250, රුපියල් 260 වගේ මිල ගණන් වලට අලෙවි වෙනවා. ඒ කියන්නේ විනිමය වෙළඳපොළ පාලනය කිරීමේ ශක්තිය සම්පූර්ණයෙන්ම මේ වනවිට මහ බැංකුවෙන් ගිලිහී ගොස් තිබෙනවා. නීති රීති දාල හෝ තර්ජනය කරලා හෝ මහ බැංකුවේ බලතල පාවිච්චි කරලා, මහ බැංකුවට මේක පාලනය කරන්න ලැබෙන්නෙ නෑ.“

ඒ වගේම, ලංකාවේ ණය වර්ගීකරණයේ ඉදිරි දැක්ම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය CCC සෘණ මට්ටම දක්වා පහත දමා ඇති බවත් මූඩීස් ණය වර්ගීකරණ ආයතනය ලංකාවට අනතුරු හඟවා තිබෙන බවත් මෙවැනි තත්ත්වයක් තුළ 2022 කල් පිරෙන බැඳුම්කර ශ්‍රී ලංකාවට නැවත ගෙවීමට නොහැකිවේ යැයි විශ්වාසයක් මේ වනවිට ආයෝජකයින් තුළ ඇතිවී තිබෙන බවත් ඔහු සඳහන් කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles