පහන්තුඩාව ඇල්ල අසල වූ සිදුවීම ගැන පොලිස් පරීක්ෂණ

0
340

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ දිනවල සංසරණය වෙන සුන්දර දිය ඇල්ලක් අසල තරුණ යුවලක් නිරු වතින් අඹුසැමියන් ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන රූප පෙළක් හා වීඩියෝ පටයක් පිළිබඳව පොලිස් මූලස්ථානයේ දැඩි අවධානය යොමුවී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ මෙම නිරු වත් ඡායාරූප හා වීඩියෝ පටය අන්තර්ජාලයට යොමු කළ අය කවුරුන්දැයි සොයා ගැනීම සඳහා පරිගණක අපරාධ කොට්ඨාසයේද අවධානය මේ වනවිටත් යොමු වී ඇති බවයි. සමාජ මාධ්‍ය ජාලා අතර සංසරණය වන මෙම නිරු වත් වීඩියෝ පටය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් වෙතින් දැඩි විරෝධයක් මේ වන විට එල්ල වෙමින් පවතිනවා.

එමෙන්ම මෙම වීඩියෝපට හා නිරු වත් ඡායාරූප කාන්තාවක් සතු සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් හරහා අන්තර්ජාලයට යොමු කර ඇති බැව් දිස්වෙන බවද පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.

ශ්‍රී ලාංකික සංස්කෘතියට පටහැනිව නිරු වතින් මෙලෙස පොදු ස්ථානයක අඹුසැමියන් ලෙස හැසිරෙන මෙම තරුණ යුවළ සොයා ඔවුනට එරෙහිව කටයුතු කිරීමට සූදානම් වුවද පළමුවෙන්ම දර්ශන ඇතුළත් ප්‍රදේශයේ දියඇල්ල හා ඊට පෙනී සිටින යුවල හඳුනාගත යුතුව ඇතැයිද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළා.

NewsOne

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here