Sunday, September 22, 2024

චීන ණයවල සැගවුණු රහස්.

ලොව විශාලතම ණය දෙන්නා ලෙස චීනය ණය ගන්නා රටවලට පුදුමසහගත රහසිගත කොන්දේසි පනවන බව අනාවරණය වී තිබෙනවා.

ණය ගිවිසුමට අදාළ කොන්දේසි හෙළිදරව් නොකිරීම සහ පවතින ණය ප්‍රමාණයක් අනාවරණය නොකිරීම එම රහසිගත කොන්දේසි වනවා.

ජාත්‍යන්තර ආර්ථික විද්‍යාව පිළිබඳ පීටර්සන් ආයතනය , ලෝක ආර්ථික විද්‍යාව පිළිබඳ කීල් ආයතනය සහ ගෝලීය සංවර්ධන හා ආධාර දත්ත මධ්‍යස්ථානය එක්ව කළ අධ්‍යයනයකින් නිගමනය වූයේ එවැනි කොන්දේසි පනවන්නේ රටක් ණය උගුලට හසු කර ගැනීමට බවයි.

එම අධ්‍යයනය සඳහා අප්‍රිකාව, ආසියාව, නැගෙනහිර යුරෝපය, ලතින් ඇමරිකානු සහ ඕෂනියා රටවල් 24 කට චීන රජයේ ආයතනවලින් ලබාදුන් ඇමරිකානු ඩොලර් බිලියන 36.6ක ණය සඳහා අදාලව අත්සන් කෙරුණු ගිවිසුම් 100ක නීතියමය කොන්දේසි විශ්ලේෂණය කර තිබෙනවා.

අනෙකුත් ණය දෙන්නන්ට සාපේක්ෂව චීන ණය කොන්දේසි ණය හිමියාට පක්ෂව විකෘති ස්වභාවයක් උසුලන බව එහිදී අනාවරණය වී තිබෙනවා.
ණයගැතියාගේ දේශීය සහ විදේශීය ප්‍රතිපත්ති කෙරෙහි බලපෑම් කිරීමට ණය හිමියාට ඉඩ සලසන වගන්ති ද ද චීන ණය ගිවිසුම් වලට ඇතුලත්. ණය කොන්දේසි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වැනි ජාත්‍යන්තර ණයදෙන ආයතනවලින් වසන් කර තිබෙනවා. “The Paris Club” වගන්ති චීන ණය ගිවිසුම් වල අන්තර්ගත නොවන බවද අදාල අධ්‍යයනය උපුටා දක්වන, අයිතිය සහ සහ ආරක්ෂාව සඳහා වූ ජාත්‍යන්තර සංසදය (IFFRAS) පෙන්වා දෙනවා.
(The Paris Club යනු තිරසර ණය මට්ටම් සහතික කිරීමට අමතරව සංවර්ධනය වෙමින් පවතින රටවලට සම්බන්ධීකරන ණය සහන ලබාදීම සඳහා වූ ප්‍රතිපත්ති ඇති ප්‍රධාන ණය දෙන රටවල සමූහයකි.)
එමෙන්ම දැනගැනීමට නීත්‍යානුකූල අයිතියක් ඇති ණයහිමි සහ ණයගැති රටවල් ද්විත්වයේම පුරවැසියන්ගෙන් ණය කොන්දේසි රහසිගතව තබා ගැනීම ද චීනය අවධාරණය කර තිබෙනවා. ණය අවලංගු කිරීම හෝ නියමිත කාලයට පෙර ගෙවා අවසන් කිරීම ණය හිමියා ගේ පූර්ණ අභිමතය මත පමණක් සිදුවන ආකාරයට එම කොන්දේසි සකස් කර තිබෙනවා. ණය කලින් ගෙවීමේ ප්‍රතිපත්ති අවකාශය සීමා කිරීමට හෝ ණය කොන්දේසි වලට බලපෑම් විය හැකි නව රෙගුලාසි පැනවීමට ඇති හැකියාවට බලපෑම් කිරීමට ණය හිමියාට (මෙහිදී නම් චීනයට) අවස්ථාව සැලසීම එම කොන්දේසි වල අරමුණයි.

වාණිජ බැංකු, හෙජිං අරමුදල්, අපනයන ණය නියෝජිත ආයතන වැනි සියලුම චීන ණය දෙන්නන් නීතිමය, ආර්ථික හා දේශපාලන වශයෙන් ණය ආපසු ගෙවීමේ කාලය වැඩි කිරීම සඳහා ණය ගන්නා රටවලට බලපෑම් කිරීමට උත්සාහ ගන්නා බව අයිතිය සහ ආරක්ෂාව සඳහා වූ ජාත්‍යන්තර සංසදය (IFFRAS) පෙන්වා දෙනවා.

ආපසු ගෙවීමේ ප්‍රමුඛතාව සහතික කිරීම සඳහා සම්මත රාජ්‍ය හා වාණිජ ණය කොන්දේසි මිශ්‍ර කිරීමට චීනය කටයුතු කර ඇති අතර එමගින් ණය ගන්නා රටේ ආර්ථික හා විදේශ ප්‍රතිපත්ති කෙරෙහි බලපෑම් කිරීමේ හැකියාව චීනය සතු කරගන්නවා.

ඒ අනුව චීනය චීන ණය දීමේ රටාව විශ්ලේෂණයේදී ප්‍රධාන කරුණු තුනක් පහත පරිදි අවබෝධ කරගත හැකියි.

පළමුවැන්න, චීන ගිවිසුම්වල විශේෂයෙන්ම 2015 සිට ණය ගැනුම්කරු විසින් තොරතුරු හෙළි කිරීම වැළැක්වීමේ අසාමාන්‍ය රහස වගන්ති ඇතුළත්.

දෙවැන්න නම් ආදායම් ගිණුම් පාලනය වැනි ඇපකර the ඇපකර සැකසුම් මගින් චීන ණය හිමියන් වාසියක් ලබා ගනී.

තුන්වැනි කරුණ නම් චීන ණය ගිවිසුම් වල අඩංගු අවලංගු කිරීම, ආපසු ගෙවීම වේගවත් කිරීම වැනි කාරණාවලට අදාළ කොන්දේසි ණය හිමියාට දේශීය හා විදේශීය ප්‍රතිපත්ති සඳහා බලපෑම් කිරීමටත් අවස්ථාව සලසා දෙයි.

වෙනත් වචනවලින් කිවහොත් චීන ණය කොන්දේසි ණයකරුගේ අර්බුද කළමනාකරණ විකල්ප සීමා කිරීම හෝ ණය පිළිබඳ නැවත සාකච්ඡා කිරීම සංකීර්ණ කරනු ඇති.

ඇත්ත වශයෙන්ම හම්බන්තොට වරාය මෙන්ම ඒ අවට ඇති අක්කර 1500කට වැඩි ඉඩම් ප්‍රමාණයක් 99 අවුරුදු බදු පදනම මත චීනයට පවරා දීමට සිදුවූ ශ්‍රී ලංකාව තරම් චිනයේ කොල්ලකාරී මූල්‍යකරණයේ බලපෑම පැහැදිලි කර ගැනීමට වෙනත් උදාහරණ අවශ්‍ය වන්නේ නැහැ.

පාකිස්ථානයේ තත්ත්වය ද මීට බොහෝ සෙයින් සමානයි. ජාත්‍යන්තර අනතුරු ඇඟවීම් නොතකා එම මාවතේම ගමන් කළ මැලේසියාව ද ණය චක්‍රයකට හසු වී සිටිනවා.

ශ්‍රී ලංකාව මෙන්ම පකිස්ථානය ද ඇමෙරිකානු ඩොලර් බිලියන 60 කට ආසන්න වටිනාකමක් ඇති චීන – පාකිස්තාන ආර්ථික කොරිඩෝව ව්‍යාපෘතිය හේතුවෙන් චීනයේ බරපතළ ණයකරුවෙක් බවට පත්ව තිබෙනවා.

පාකිස්තාන ආර්ථිකය පසුගිය වසර කිහිපය තුළ ඉහළ ගිය ණය කන්දරාව සමඟ පොරබදන්නේ දැඩි ගෙවුම් ශේෂ හිඟයක් සහ බංකොලොත් වීම ආසන්නයේ ඇති ආණ්ඩුවක් සමඟයි.

ඉන්දියානු උප මහද්වීපයේ ශ්‍රී ලංකාව, පකිස්ථානය මෙන්ම ඉන්දු පැසිෆික් කලාපයේ තායිලන්තය කාම්බෝජය, ලාඕසය හෝ අප්‍රිකාවේ සුඩානය, ඉතියෝපියාව වැනි රටවල් චිනයේ කොල්ලකාරී ණය ප්‍රතිපත්තියට හසු වී සිටිනවා.

ඒ නිසාම සිය ස්වෛරීත්වය අහිමි වීමේ අද්දරට පැමිණ සිටින එම රටවල් දැන් දැන් ස්වාධීන පැවැත්මක් ඉල්ලා සිටිනවා.

චීන ණය ලැයිස්තුවේ සිටින රටවල් 150ක් පමණ අතුරින් සැලකිය යුතු සංඛ්‍යාවක් චිනයේ Belt and Road ව්‍යාපෘතියෙන් ඉවත් වෙමින් සිටින බවද නිරීක්ෂණය වනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles