යාල ජාතික වනෝද්‍යානයේ පිහිටි ඵෙතිහාසික සිතුල්පව්ව පුදබිමේ කුඩා සිතුල්පව්ව දාගැබ ඊයේ (31) රාත්‍රි නිදන් හොරුන් විසින් හරා තිබේ.
පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් , ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළේ, සොරොන් විසින් එහි තිබූ නිදන් වස්තු පැහැරගෙන ගොස් ඇති බවට සැක කරන බවයි.
යාල ජාතික වනෝද්‍යානයේ පිහිටි සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ සිට මීටර් 190 ක් පමණ දුරින් කුඩා සිතුල්පව්ව දාගැබ පිහිටා තිබේ.
නිදන් සොරුන් විසින් හාරා ඇත්තේ එම දාගැබයි.
මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමත් සමග ඒ පිළිබඳව සොයා බැලීමට කුඩා සිතුල්පව්වට ඇතුළුවීමට මාධ්‍යවේදීන් උත්සාහ කළ ද අවස්ථා කිහිපයකදීම ඔවුන් බාධා එල්ලවිය.




