තලේබාන්වරු ආණ්ඩුවක් පිහිටුවයි

0
341

නව ඇෆ්ගන් රජය පිහිටුවීම අවසන් අදියරේ පවතින බව තලෙයිබාන් සංවිධානය පවසනවා. එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන අනාස් හකානි විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි දින කිහිපය තුළ ඇෆ්ගන් නව රජය බිහිවනු ඇති බවයි.

 කෙසේ වෙතත් නව කැබිනට් මණ්ඩලය කවුරුන්දැයි ප්‍රකාශ කිරීමට තවමත් කල් වැඩි බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ. ඇෆ්ගනිස්තානයේ රැදී සිටි අමෙරිකානු සෙබලුන් ඉවත් කර ගැනීමත් සමඟ ඇෆ්ගනිස්තානයේ සම්පූර්ණ බලය තලෙයිබාන් සංවිධානය යටතට පත්වුණා. 

ඒ සමඟම තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තානය නව රජයක් බිහිකිරීමේ ක්‍රියාවලිය වේගවත් වි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here