නිදහස් පක්ෂයට වසර 70

0
272

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා.

අද (02) පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සර සැමරුම් වැඩසටහන පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පස්වරු 5ට සැමරුම් වැඩසටහන ආරම්භ කිරීමට නියමිතයි.

1951 වසරේ අද වැනි දිනක එවක එක්සත් ජාතික පක්ෂ රජයේ ඇමතිවරයකු වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරනු ලැබුවා.

ඉන් වසර පහකින් පසුව මැතිවරණයට මුහුණ දුන් එම පක්ෂය ඇතුළු සන්ධානය 1956 වසරේදී මෙරට රාජ්‍ය බලය හිමි කර ගැනීමට සමත් වූයේ මෙරට සිව්වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා පත් කරමිනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here