Saturday, September 21, 2024

කොරෝනා පැතිරීම ප්‍රබලයි. ආරක්ෂාව සඳහා මුව ආවරණ දෙකක් පළඳින්න.

කොවිඩ් පැතිරීම ප්‍රබලව සිදුවන හෙයින් හැකිනම් මුව ආවරණ දෙකක් පළඳින ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් නිවෙසින් එළියට යන අවස්ථාවේදී “ෆේස් ෂීල්ඩ් ” ආවරණයක් පැළඳීමද ඉතා වැදගත් බවත් ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

මේ අතර ළඟම ඇති සායනයට ගොස් වර්ගය , ජාතිය නොබලා කුමන හෝ කොවිඩ් මර්දන එන්නතක් කඩිනමින් ලබා ගන්නැයි ජනතාවගෙන් තමා ඉල්ලීමක් කරන බවද ඇය සඳහන් කළාය.

සමහරුන් විදේශගතවීමට විවිධ එන්නත් වර්ග සොයමින් සිටින බවත් විදේශගත වීමට පෙර කවුරුත් ජීවත්වී සිටිය යුතු බවත් ඇය සඳහන් කළාය.

එන්නත් තේරීම බොරු වැඩක් යැයිද රාජ්‍ය ඇමැතිවරිය කීවාය.

තම තමන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට තම තමන් කටයුතු කළ යුතු බවත් වෙනත් අය තීරණ ගන්නා තුරු නොසිට සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කළ යුතු බවත් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

ජනතාව හැකිතරම් නිවෙස්වලටවී කාලය ගත කිරීම වැදගත් බව පැවසූ විශේෂඥ වෛද්‍යවරිය කොරෝනා පාලනය කරගැනීමට හුදෙකලාවීම වැදගත් බවද සඳහන් කළාය.

කොරෝනාවලින් ගැලවීම සඳහා මූලික සෞඛ්‍ය කරුණු පහ අකුරටම පිළිපදින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇය කීවාය.ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles