Saturday, September 21, 2024

කාබනික පොහොර නිෂ්පාදනයට ගොවිජන සේවා මධ්‍යස්ථානයකට ලක්ෂ 10ක්

දිවයින පුරා පිහිටි සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකම කාබනික පොහොර මෙට්‍රික් ටොන් 100 බැගින් නිෂ්පාදනය කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. මේ සඳහා එක් ගොවිජන සේවා මධ්‍යස්ථානයකට රු. ලක්ෂ 10 බැගින් මුදල් වෙන්කර දී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.  

මේ අතර ගොවීන්ට අවශ්‍ය කාබනික නයිට්‍රජන් සහ පොටෑසියම් මේ වනවිටත් ආනයනය කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා සෑම ගොවියෙකුටම එම පොහොර නොමිලේ ලබාදෙන බවද සඳහන් කළේය. එමෙන්ම දැනට කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ලියාපදිංචි වී ඇති ගොවීන්ට මේ මස 15 වැනිදාට පෙර රු. 7500ක මූලික ගෙවීම ගෙවා නිම කළයුතු බවටද අමාත්‍යවරයා ගොවිජන නිලධාරීන්ට උපදෙස් දුන්නේය.  

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා වී ගොවිතැන සඳහා අවශ්‍ය සම්පූර්ණ කාබනික පොහොර ඒ ඒ ගොවිජන සේවා මධ්‍යස්ථානවල මෙහෙයවීමෙන් නිෂ්පාදනය කර ගත යුතු බවද අවධාරණය කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles