Sunday, September 22, 2024

ශ්‍රීලනිප නැමැති රූස්ස ගහ කපා බිම දාන්න බැහැ – හිටපු ජනපතිනිය කියන කතාව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැමැති රූස්ස ගස කඳින් කපා වෙන් කළ ද නැවත ශක්තිමත්ව ලියලනු ඇතැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70වන සංවත්සරය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරන්නීය.

රූක්ෂ ගස බිහි වන දා තමා ජීවතුන් අතර සිටී දැයි නොදන්නා නමුත් ලියලා ගෙන එන රූක්ෂ ගසට ශක්තියක් දෙන්න අවශ්‍ය තරුණ පරපුරක් හදන්නට තමා උර දෙන බවද චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය සඳහන් කරන්නීය. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් අදහස් දැක් වූ චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය පක්ෂය සම්පූර්ණයෙන් විනාශ කරන්නට බැරි බවත් ශක්තිමත් පදනමක් නිර්මල දර්ශනයක් තිබෙන ශ්‍රේෂ්ඨ මිනිසුන් කීප දෙනෙක්ගේ ලෙයින් සනිටුහන් කළ ඉතිහාසයක් තිබෙන පක්ෂය විනාශ කරන්න බැරි බවත් කියන්නීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles