Sunday, September 22, 2024

දිනේෂ්⁣ට කෝටි 5 යි සමිතට කෝටි 2 යි

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී ලෝක වර්තාවක් තබමින් ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවට පැරාලිම්පික් රන් පදක්කමක් දිනා දුන් දිනේෂ් ප්‍රියන්තට රුපියල් කෝටි පහක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යංශය ඊයේ (01) තීරණය කර ඇත.ඒ අනුව මෙරට ක්‍රීඩා ඉතිහාසයේ තනි තරග ඉසව්වක ජයග්‍රහණයක් වෙනුවෙන් ක්‍රීඩකයෙක් වෙත පිරිනමනු ලබන ඉහළම ත්‍යාග මුදල ලෙසින් මෙය සටහන් වනු ඇත.

එසේම එම උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනාගත් සමිත දුලාන්ට මුදලින් රුපියල් කෝටි දෙකක්ද පිරිනැමීමට තීරණය වී ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම ක්‍රීඩකයන් දෙදෙනාගේම පුහුණුකරු වන ප්‍රදීප් නිශාන්තටද මෙම ක්‍රීඩකයන්ට හිමිවන ත්‍යාග මුදල් මෙන් සියයට විසි පහක ත්‍යාග මුදලක් ලබාදීමට තීන්දු වී ඇතැයි පැවසෙන අතර ඒ අනුව ප්‍රදීප් නිශාන්තට රුපියල් ලක්ෂ එකසිය හැත්තෑ පහක මුදලක් පිරිනැමීමට නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles