Sunday, September 22, 2024

සීනි සඟවාගෙන සිටි ව්‍යාපාරිකයන්ට මුදල් ගෙවන්නේ ඔවුන් නිවැරදි මාවතට ගේන්න ඕන නිසා – රංජිත් බණ්ඩාර

සීනි ආනයනකරුවන් සඟවාගෙන සිටින මහා පරිමාණ සීනි තොග රජයට පවරාගෙන රාජ්‍ය හා ‍පෞද්ගලික අංශයේ අලෙවිසැල් හරහා ජනතාවට අලෙවි කිරීමේ වැඩපිලිවෙලක් මේ වනවිට ආරම්භ කර ඇති අතර රුපියල් 130 ක මුදලකට සීනි මිලදී ගැනීමේ අවස්ථාව ජනතාවට ලබා දී තිබෙනවා.

මෙසේ රජය භාරයට ගත් සීනි තොග අලෙවි කිරීමෙන් පසුව අදාල සීනිවල වටිනාකම ආනයනකරුවන් වෙත ගෙවීමටද රජය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් අද පොදුජන පෙරමුණේ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සඳහන් කළේ, රජය මෙවැනි කටයුතුවලට මැදිහත් වන්නේ පෞද්ගලික අංශයේ ව්‍යාපාර බිඳවැට්ටවීමේ අරමුණින් නොවන බවයි. ඔවුන්ගේ භාණ්ඩ තොග සඳහා නිසි වටිනාකම ඔවුන්ට ලබාදිය යුතු බවත්, රජය සිදු කරන්නේ වැරදිකරුවන් නිවැරදි මාවතට රැගෙන ඒම පමණක් බවත් මන්ත්‍රීවරයා පවසනවා.

කෙසේ නමුත් සීනි තොග සඟවාගෙන සිටින ව්‍යාපාරිකයන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බවයි රංජිත් බණ්ඩාර මහතා සඳහන් කරන්නේ. නීති මගින් කටයුතු කිරීම හැර ඔවුන්ගේ ව්‍යාපාර බිඳවැට්ටවීම කිසිසේත්ම සිදු නොවිය යුතු බවද ඔහු පවසනවා.

සීනි ආනයන බද්ධ සත 25 දක්වා අඩු කර ඇති බැවින් රුපියල් 110 කට අඩු මිළකට මෙරට තුළ සීනි කිලෝව අලෙවි කිරීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පෙන්වා දෙනවා.

සගවා තබා ඇති සීනි රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත්විමෙන් සොයාගත් පසු ඒවා අලෙවි කර එම මුදල් නැවත අදාල සීනි තොග සැගවු ව්‍යාපාරිකයන්ට ලබාදෙන්නේ කුමන පදනමකින්දැයි මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා.

මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ කෙසේ නමුත් සීනි තොග සඟවාගෙන සිටින ව්‍යාපාරිකයන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බවයි රංජිත් බණ්ඩාර මහතා සඳහන් කරන්නේ. නීති මගින් කටයුතු කිරීම හැර ඔවුන්ගේ ව්‍යාපාර බිඳවැට්ටවීම කිසිසේත්ම සිදු නොවිය යුතු බවද ඔහු පවසනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles