Saturday, November 16, 2024

මන්ත්‍රීවරුන්ට දී ඇති නිල නිවාස අවභාවිතයේ යොදවයි – කථානායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රජයෙන් ලබා දී ඇති නිල නිවාස බොහොමයක් අවභාවිතා වෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

මන්ත්‍රීවරුන්ට දැනටමත් ලබා දී ඇති නිල නිවාසයන්හි පදිංචිව ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන පිටස්තර පුද්ගලයින් බව පවසන කථානායකවරයා එහි පදිංචිවීමට ඕනෑම අයෙකුට ලබා දීමේ හැකියාව අදාළ මන්ත්‍රීවරයා සතුව පවතී.

ඒ අනුව පසුගිය දා පාර්ලිමේන්තු භාරයට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතාට හිමිව තිබු මාදිවෙල පාර්ලිමේන්තු නිල නිවස සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා විසින් යළි රන්ජන් රාමනායක මහතාට ලබා දී තිබුණි.

ඒ සම්බන්ධයෙන් කළ විමසුමකදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ රන්ජන් රාමනායක මහතාට යලි එම මන්ත්‍රී නිල නිවාස පිළිබඳව තමාගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බවයි.

අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම් හිමිවූ රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වූ අතර, එම හේතුවෙන් ඔහුට මන්ත්‍රී නිල නිවාසය යළි භාරදෙන ලෙස දැනුම් දී තිබුණි.

එම මන්ත්‍රි නිල නිවාසය භාර ගනු ලැබූ මනුෂ නානායක්කාර මන්ත්‍රිවරයා කියා සිටියේ අදාළ නිවසේ හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට සිය කටයුතු පවත්වා ගෙන යෑමට අවසරය ලබා දෙන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles