ෆයිසර් එන්නත නිසා ලොව සිදුවූ පළමු මරණය වාර්තා වෙයි

0
341

ෆයිසර් එන්නතට සම්බන්ධ පළමු මරණය යැයි විශ්වාස කරන මරණය නවසීලන්තයෙන් වාර්තා වී තිබේ.

එලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කාන්තාවක වන අතර එරට ස්වාධීන එන්නත් ආරක්‍ෂක අධීක්ෂණ මණ්ඩලය සඳහන් කර ඇත්තේ, ඇයගේ මරණය, බොහෝ විට එන්නත හේතුවෙන් ඉතා කලාතුරකින් ඇති වන අතුරු අබාධයක් වන හෘද මාංශ පේශි ප්‍රදාහයක් (myocarditis) නිසා සිදු වන්නට ඇති බවය.

එමෙන් ම අදාළ කාන්තාවට “එන්නත ලබා දීමෙන් පසු ඇති වන ප්‍රතිඵලය කෙරෙහි බලපෑම් කළ හැකි” වෙනත් වෛද්‍ය ගැටලු තිබී ඇති බවට ද ඔවුන් සඳහන් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මරණයට නිශ්චිත හේතුව මෙතෙක් සොයාගෙන නොමැති බවය.

කෙසේ වෙතත්, කොවිඩ්-19 එන්නත පිළිබඳ ස්වාධීන ආරක්‍ෂක අධීක්ෂණ මණ්ඩලය ප්‍රකාශ කර ඇත්තේ, හෘද මාංශ පේශි ප්‍රදාහයට (myocarditis) සමහර විට එන්නත හේතු විය හැකි බවය.

කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බවත් කාන්තාවගේ වයස ඇතුළු වැඩිදුර තොරතුරු නිකුත් කර නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

යුරෝපයේ ඖෂධ නියාමකයින් පෙන්වා දී ඇත්තේ මයෝකාඩයිටිස් යනු, ෆයිසර් සහ මොඩර්නා එන්නත්වල ඇති “ඉතා දුර්ලභ” අතුරු ආබාධයක් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here