සංචරණ 90% ක් සීමා කළ යුතුයි .නැත්තං පලක් නෑ

0
351

රට වසා දැමු පමණින් කොරෝනා ආසාදිතයන් හෝ මරණ අඩු නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එහි විධායක සභික ප‍්‍රසාද් කොළඹගේ මහතා පෙන්වා දෙන්නේ සංචරණ සීමා රැකගැනීම ජනතාවගේ ද ඉහළ වගකීමක් බවයි.

රට වසා දැමීම සහ සංචරණ සීමා කිරීම දෙකක් බවත් රට වසා දැමීම වැදගත් නමුත් ඉන් සංචරණ සීමා නොවන්නේ නම් එම ලොක්ඩවුන් කිරීමෙන් ඵලක් නැති බව ද ඒ මහතා කියා සිටියි.

ලොක්ඩවුන් කිරීමක් හරහා සංචාරන 90%ක් වත් සීමා විය යුතු බවද ඔහු පෙන්වා දෙයි.

දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය පැනවීම තුළ ද ඇතැම් ප්‍රදේශවල ද බලාපොරොත්තු වන සංචරණ සීමා කිරීම සිදු වුවද තවත් ප්‍රදේශවල එය සිදු නොවන බවද ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here