ඔක්සිමීටර සඳහා උපරිම සිල්ලර මිලක්

0
303

ඔක්සිමීටර් සඳහා රුපියල් 3000ක උපරිම සිල්ලර මිලක් නියම කිරීමට ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා තීරණය කර ඇත.

මෙයට අදාළ ගැසට් පත්‍රය ළඟදීම නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

මෙයට අමතරව ඔක්සිමීටර් සහ ස්වයංක්‍රීය උෂ්ණත්වමාන මෙරටට ගෙන්වීමට අවසර දීමේදී දැඩි ලෙස සැලකිලිමත් වන ලෙසත් ඒවායේ ප්‍රමිතිය පිළිබඳව සොයා බලන ලෙසත් රාජ්‍ය ඇමතිවරයා නිලධාරීන්ට අද උපදෙස් දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here