Sunday, November 17, 2024

බදුර්දීන්ගේ සිරමැදිරියේ ජංගම දුරකථයක්

දැනට කොළඹ මැගසින් බන්ධනාගාරයේය රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ සිරමැදිරියේ තිබී ජංගම දුරකථනයක් හමුවී තිබේ.

බන්ධනාගාර නිලධාරීන් විසින් වාට්ටු සෝදිසි කිරීමට පැමිණි අවස්ථාවේදී සැකකාර රිෂාඩ් බදියුදීන් මහතා එම ජංගම දුරකථනයෙන් ඇමතුම් ලබා ගනිමින් සිට ඇති බවත්, නිලධාරීන් දුටු සැකකරු එම ජංගම දුරකථනය අසල ජනේලයෙන් ඉවතට විසිකර ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් (පාලන ) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

ඒ අනුව බන්ධනාගාරයක් තුලදී සැකකරුවකු ජංගම දුරකථනයක් භාවිත කිරීමේ වරදට අදාළව බන්ධනාගාර ආඥා පනත ප්‍රකාරව බන්ධ විනිශ්ච මණ්ඩලයක් හමුවට මෙම සැකකරු ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද ඔහු සඳහන් කළේය .

සැකකාර හිටපු අමාත්‍යවරයා ජනේලයෙන් ඉවතට විසි කරන ලද ජංගම දුරකථනය නිලධාරීන් විසින් අහුලාගනු ලැබීමෙන් පසු වැඩිදුර පරීක්ෂණ සඳහා බුද්ධි අංශ වෙත ඉදිරිපත් කර ඇති බවද සඳහන් වෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles