නවසීලන්තයේ සුපිරි වෙළඳසැලකට අද(03) ත්ර ස්ත ප්‍රහාරයක් එල්ලවී ඇති බව එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩර්න් පවසනවා.
නවසීලන්තයේ ‘ලින්මොල්’ සුපිරි වෙළඳ සංකීර්ණණය තුලට ඇතුළු වූ අයි.එස්.අයි.එස්. සාමාජිකයකු යැයි සක කරන ශ්‍රී ලාංකිකයකු එල්ල කර පිහි ප්‍රහාරයකින් පුද්ගලයන් 6 ක් තුවාල ලබා ඇත
ප්‍රහාරය එල්ල කිරීම ආරම්භ කර තත්පර 60ක පමණ කාලයක් ඇතුළත ඔහුට වෙඩි තැබීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර ඇති අතර එම ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයෙන් 6 දෙනෙක්ට තුවාල සිදුවී ඇති බවයි වාර්තා වන්නේ. ආරක්ෂක අංශ වලින් එල්ල කල ප්‍රහාර හමුවේ ඔහු මියගොස් ඇති බවට එරට මාධ්‍ය තහවුරු කරනවා.
මෙම පුද්ගලයා 2011 වසරේ නවසීලන්තයට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු වන අතර 2016 සිට ජාතික ආරක්ෂක අංශ වල අවධානය යොමුව තිබූ පුද්ගලයෙකු බවට වාර්තා වනවා.