පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව අඩු කිරීමේ නිර්දේශයක්

0
412

පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව, ස්ථාවර සංඛ්‍යාවක් දක්වා අඩු කළ යුතු බවට මැතිවරණ නීති රීති ප්‍රතිසංස්කරණ පාර්ලිමේන්තු කාරක සභාවේදී සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම කිසියම් පක්ෂයක් හෝ ස්වාධින කණ්ඩායමක් පළාත් පාලන ආයතනයක නියෝජනයක් ලබාගැනීමට නම් එම කණ්ඩායම අදාළ බල ප්‍රදේශයේ වලංගු ඡන්ද සංඛාවෙන් 25 % ක් හෝ ඊට වැඩියෙන් ලබාගත යුතු බවටයි නිර්දේශ ලැබී ඇත්තේ.

කාන්තා නියෝජනය දිරිමත් කිරීම ඇතුලු නිර්දේශ 12 ක් ද පළාත් පාලන ආයතන මැතිවරණ ක්‍රමය සමාලෝචනය කිරීමේ කමිටු වාර්තාවට අන්තර්ගතයි.

එම වාර්තාව පිළිබඳ ඊයේ පැවති කාරක සභා රැස්වීමේදී දීර්ඝව සාකච්ඡා වී තිබෙනවා.

මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, යළි ලබන 06 හා 07 යන දිනවල, පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිත අතර මීට පෙර අදහස් ඉදිරිපත් කිරීමට නොහැකි වූ පාර්ලිමේන්තුව නියෝජනය කරන හා නොකරන දේශපාලන පක්ෂ කිහිපයක් එම දිනවලදී අදහස් දැක්වීමට නියමිතව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here