Wednesday, November 27, 2024

මිහින්තලයේදී රිලවෙකුගේ ඔත්තුවෙන් නිධන් හොරු අල්ලයි..!

පසුගිය අගෝස්තු 31 වැනිදා උදෑසන මිහින්තලේ පුරාවිද්‍යා ස්ථාන භාර නිලධාරී වරයාට රාජගිරි ලෙන් ප්‍රදේශයේ සැකකටයුතු පිරිසක් හැසිරෙන බවටත් කැලෑවෙන් කිසියම් ශබ්දයක් ඇසෙන බවටත් එක්තරා පුද්ගලයෙක් තොරතුරක් ලබා දී ඇති අතර එහිදී කලුදිය පොකුණ හැරෙන හන්දියේ ලඟ යතුරුපැදියක් නතර කරගෙන කිසියම් දෙදෙනකු සිටින දැක ඒ ගැන විපරම් කර ඇත.

සෑය සිට මීටර් 500ක් පමණ කැලෑව තුළට ගියත් කිසිදු හෝඩුවාවක් නොමැති වූ අතර පුරාවිද්‍යා නිලධාරීන් සැඟවී නිරීක්ෂණය කරමින් සිටියදී හදිසියේම ඒ ආසන්නයේ ගසක සිට රිලව් නොසන්සුන්තාවයෙන් යුතුව යුතුව හැසිරෙනු දැක ඇත. ඒ ගැන සැලකිලිමත් වූ පුරාවිද්‍යා නිලධාරීන්ට දැකගත හැකි වූයේ රිළවා කිසියම් ස්ථානයක් වෙත එබිකම් කරන ආකාරයයි.ඉතා ඕනෑකමින් රිළවා එබිකම් කළ දිසාවට අවධානය යොමුකළ නිලධාරීහු ඒ ආසන්නයේ වූ ගල් ගුහාවක් දැක අසලට ගොස් ඇත. ඒ සමඟම කැණීම් ශබ්දයත් සමග අන්න කවුදෝ එනවා කියන හඬක් ද ඇසී තිබේ.ඒ සමඟම ගල්ගුහාවේ කිහිප දෙනෙක් එළියට පැන ගනිමින් අතුරුදන්ව ඇත.

මෙහිදී පුරාවිද්‍යා නිලධාරීන් හට දැකගත හැකිවූයේ ගසක් උඩ සිටි රිළවා ගල් ගල්ගුහා වෙත එබිකම් කර ඇත්තේ කොල්ලකරුවන් පිරිස කෑම කමින් සිටි ස්ථානය යුතු බවයි.

එහිදී පැහැදිලිව නිධානයක් ගොඩ ගැනීමට පැමිණි පිරිසක් ගල් ගුහාව තුළ සිටි බව තේරුම් ගත් පුරාවිද්‍යා නිලධාරීන් තම දුරකථනයෙන් මිහින්තලේ පොලිසියට පොලීසියට සිද්ධිය දන්වා ඇති අතර වහාම පැමිණ පොලිසිය හා එක් වූ පුරාවිද්‍යා නිලධාරීන් කැලෑව තුළ සැඟවී සිටි කොල්ලකරුවන් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

නෙත් gossip

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles