මානව හිමිකම් චෝදනා වාර්තාව ජුනි 13 එයි

0
783

ශ්‍රී ලංකාවට එල්ල වී ඇති මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා සම්බන්ධව තීරණාත්මක වාර්තාවක්‌ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ජුනි 13 දා ආරම්භ වන මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

ජිනීවා මානව හිමිකම් සමුළුව ජුනි 13 දා ආරම්භ වී ජුලි 10 වැනිදා අවසන් වේ.

මෙම සමුළුව අමතා විදේශ ඇමැති මංගල සමරවීර මහතාද යුද අපරාධ චෝදනා විභාග කිරීම සඳහා ආරම්භ කෙරෙන දේශීය යාන්ත්‍රණය සහ සත්‍ය සෙවීමේ කොමිසම ස්‌ථාපිත කිරීමේ කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.

විදේශ විනිසුරුවරුන් රහිත දේශීය විනිසුරුවරුන්ගේ යුත් දේශීය යාන්ත්‍රණය ලබන මස මුලදී ස්‌ථාපිත කිරීමටද නියමිතය.

මේ හැර එක්‌සත් ජාතීන්ගේ නියෝජිත ජුවන් මෙන්ඩස්‌ ශ්‍රී ලංකාව සම්බන්ධව මානව හිමිකම් සමුළුවට වාර්තාවක්‌ ඉදිරිපත් කරනු ඇත.    (divaina)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here