ලොව අංක එකේ වනජීවී ඡායාරූප තරගාවලියේ මෙරටට සුවිශේෂී ජයග්‍රහණ දෙකක්

0
421

BBC Wildlife Photographer of the year 2021 තරගයේ ප්‍රදර්ශන මට්ටමේ සහ ජූරියේ විශේෂ පැසසුමට ශ්‍රී ලාංකේය තරගරුවන් දෙදෙනකු සමත්ව තිබෙනවා.

මෙලෙස ජූරියේ විශේෂ පැසසුමට ලක්ව ඇත්තේ, බුද්ධිලිනි ද සොයිසා සහ ගඟන වික්‍රමසිංහ යන අයයි.

දස හැවිරිදි වියෙහි ගඟන වික්‍රමසිංහ මෙරට සිටින, ප්‍රවීන උරග හා උභය ජීවී විද්‍යාඥයෙකු වන මෙන්ඩිස් වික්‍රමසිංහගේ කනිටු පුත්‍රයා වීමත් විශේෂත්වයක්.

ලෝක ඡායාරෑප ශිල්පින්ගේ සිහිනයක් බඳූ වූ මෙම තරගාවලියට බුද්ධිලිනි ඉදිරිපත් කළ, ‘A Great Swim’ ඡායාරූපයත්, ගගන ඉදිරිපත් කළ ‘Lockdown chicks’ මෙවර අංශ දෙකක් යටතේ ජුරියේ විශේෂ පැසසුමට ලක්ව ඇති බව සඳහන්.

මීට පෙර ශ්‍රී ලාංකීක ඡායාරූප ශිල්පියෙකු මෙවැනි ජයග්‍රහණයට හිමි කියා ඇත්තේ, 2002 වසරේදීයි.

එහිදී ජයග්‍රහණය හිමිකරගැනීමට සමත් වූයේ, රුක්ෂාන් ජයවර්ධන යන ඡායාරූප ශිල්පීයා යි.

මෙම තරගාවලියට ඉදිරිපත් වූ සමස්ථ ඡායාරූප සංඛ්‍යාව 55000 ක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here