ඉන්දියාව නේපාලයේ සංස්කෘතිය යළි හදයි.

0
406

නේපාලයේ 2015 වර්ෂයේදී සිදුවු දරැණු භුමිකම්පාවෙන් විනාශයට පත් සංස්කෘතික උරුමයන් ප්‍රතිසංස්කරණයට ඉන්දියාව ඉදිරිපත්ව සිටියි.

ඒ අනුව, අදාළ භුමිකම්පාවෙන් විනාශයට පත් නේපාලයේ සංස්කෘතික උරුමයන් 14 ක් ඉන්දියානු ආධාර යටතේ යළි ගොඩනැංවීමට නියමිතයි.

මෙහිදී, ලලිත්පූර්,රසූවා, නුවාකෝට් වැනි ඉපැරණි සංස්කෘතික උරුමයන් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණ කෙරේ.

මේ සදහා වැයකෙරෙන මුදල ඉන්දීය රැපියල් කෝටි 420ක් පමණ වන බව සදහන් වේ.

මීට අදාළ ගිවිසුමට පසුගියදා අත්සන් තබා ඇති අතර මීට සමගාමීව නේපාලයේ සෞඛ්‍ය සහ අධ්‍යාපන අවශ්‍යතා නැංවීමට ද ඉන්දියාව විශේෂ ආධාර ව්‍යාපෘති කිහිපයක් දියත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here