බැසිල් කපන ලැයිස්තුව ඉල්ලයි

0
382

එක් එක් අමාත්‍යාංශවල කපා හැරිය හැකි වියදම් සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් මෙම සතිය තුළ ලබාදෙන්නැයි මුදල් අමාත්‍යාංශය සියලූම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබෙනවා. කපා හැරිය හැකි වියදම් සහ එමගින් ඉතිරි කිරීමට අපේක්ෂිත අරමුදල් ප්‍රමාණය පිළිබඳව ද මහා භාණ්ඩාගාරයට නොපමාව දැනුම් දෙන ලෙසටයි මුදල් අමාත්‍යාංශය ලේකම්වරුන්ට දන්වා ඇත්තේ. කොවිඩ් අර්බුදය හේතුවෙන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඇති වී තිබෙන තත්ත්වය තුළ රජයේ ආදායම අපේක්ෂිත මට්ටමට වඩා විශාල වශයෙන් අඩුවීම මීට ප්‍රධාන හේතුවයි. එම ආදායම මේ වසරේ රජයේ වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නොවීමත් එහිදී සැලකිල්ලට ගනිමින් රජයේ වියදම් දැඩි ලෙස සීමා කිරීමටයි රජය පියවර ගෙන ඇත්තේ.

රජයේ වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පසුගිය සතියේ දී කැබිනට් මණ්ඩලය ද දැනුවත් කරනු ලැබුවා. ඒ අනුව ප්‍රතිපාදන වෙන්වී තිබුණද, දැනට ආරම්භ කර නොමැති සියලූ ව්‍යාපෘති නතර කෙරෙන අතර, අමාත්‍යංශ වල නව මිලදී ගැනීම් – ඉදිකිරීම් සහ ගොඩනැගිලි අලූත්වැඩියා කටයුතු ද ඊට අනුව තාවකාලිකව අත්හිටුවනු ඇති. මේ අතර අමාත්‍යාංශ හා ආයතන වල නිලධාරීන්ගේ පැමිණීම පදනම් කරගත් ඉන්ධන දීමනා ආදී දීමනා, සේවයට වාර්තා කරනු ලබන දිනවලට පමණක් ලබාගන්නා ක්‍රමවේද පිළිබඳවද අවධානය යොමු කරන්නැයි මුදල් අමාත්‍යාංශය ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here