Sunday, November 17, 2024

ඉදිරියේදී තවත් සැර කොරෝනා

ඉදිරිකාලයේදී වඩා ප්‍රබල කොරෝ නා ප්‍රභේද බිහිවනු ඇතැයි වෛරසවේදය පිළිබද විද්‍යාඥයකු වන මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.

මේ වනවිට පවතින එන්නත් වලින් වෛරසයට එරෙහිව 95%කට වැඩි සටන් කල හැකි බව පෙනී යන නමුත් ඉදිරියේදී බිහිවන කොරෝ නා ප්‍රභේදවලට අලුතින් එන්නත් නිපදවීමට සිදුවනු ඇතැයිද ඔහු සදහන් කර සිටියි.

එසේම කොරෝ නා වෛරසය වවුලන්ගේ පැතුරුණු බවට ඇතැම් විද්‍යාඥයින් හෙළි කර කරුණු තමන් බැහැර නොකරන බවද ඔහු පවසයි.

මෙි අතර දරුවන් සඳහා කොවිඞ් මර්දන එන්නත් ලබාදීමට කඩිමුඩියේ තීරණ නොගත යුතු බවත් එය නිසි අධ්‍යයනයකින් සිදුකළ යුතු බවත් ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.

මේ වන විට ඇමෙරිකාව පවා දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම ගැන අධ්‍යයනය කරමින් සිටින බවත් එවැනි තත්ත්වයක් තුළ අපේ රටේ අනාගතය භාර ගැනීමට සිටින දරුවන්ට එම එන්නත ලබාදීමට හදිසි නොවිය යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.

ෆයිසර් එන්නත කොවිඞ් වෛරසයේ කොටසක් ගෙන සකස් කරනු ලැබුවත් සයිනොෆාම් එන්නත අක‍්‍රීය කරන ලද කොවිඩි වෛරසය උපයෝගී කරගෙන නිපදවන ලද්දක් නිසා ෆයිසර් එන්නතට වඩා සයිනොෆාම් එන්නත යම් ආරක්‍ෂාකාරී විය හැකි බවට තමා පෞද්ගලිකව විශ්වාස කරන බවද තිස්ස විතාරණ මහතා පැවැසීය.

දැනට කොවිඞ් සඳහා භාවිත කරන එන්නත් සියල්ලම හදිසි අවශ්‍යතාව සඳහා භාවිත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අවසරදී ඇති බවත් ඉදිරියේදී නව වෛරස් ප‍්‍රභේද ඇතිවුවහොත් ඒවායෙන්ද ආරක්‍ෂා විය හැකි එන්නත් ඉදිරිපත් විය හැකි නිසා රටේ අනාගත පරපුරට එන්නත් ලබාදීමට කඩිනම් නොවිය යුතු බව ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles