“ස්පුට්නික් V” කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව වෙනුවට වෙනත් එන්නතක් ලබාදීමට රජයේ අවධානය

0
311

“ස්පුට්නික්” කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව වෙනුවට “ෆයිසර්” එන්නත ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.

එම එන්නත දෙවන මාත්‍රාව ලෙස ලබාදීම සුදුසු ද නැද්ද යන්න සම්බන්ධයෙන් විශේෂඥයින්ගේ මතය විමසා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ.

ඒ අනුව වසංගත රෝග සම්බන්ධ විශේෂඥයින් ඒ පිළිබඳ පිළිබඳව දක්වන නිර්දේශ සැලකිල්ලට ගෙන, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර, තවත් “ස්පුට්නික්” එන්නත් මාත්‍රා 50,000ක්, ඇණවුම් කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here