Sunday, November 17, 2024

කන්තලේ වේල්ල මත ඇවිදින මංතීරුව ඉදිකිරීම අත්හිටුවයි

කන්තලේ ජලාශයේ වේල්ල මත, ඇවිදින මංතීරුව ඉදිකිරීම තාවකාලිකව අත්හිටවූ බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
දෙවැනි අග්බෝ රජසමයේ ඉදිකෙරුණු කන්තලේ ජලාශයේ වේල්ල මත ඇවිදින මංතීරුවක් නිර්මාණය කිරීමේ සූදානමක් පිළිබඳව පසුගිය දා හෙළි විය.

මේ ව්‍යාපෘතියට පසුගිය දින කිහිපයේ ම මහ සංඝරත්නයෙන් මෙන්ම ප්‍රදේශයේ ජනතාවගෙන් විරෝධතා එලල් විය.

සීනිපුර විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කඹුරාවල රතනපාල හිමි ඊයේ ඇවිදින මංතීරුවක් ඉදි කිරීමේ සූදානම එරෙහිව මෙලෙස අදහස් පළ කළේ ය.

”ඉස්සර හිටිය රජදරුවෝ අනාගතයේ ඇතිවන පරම්පරාවට කාලා බිලා සැනසිල්ලේ ඉන්න කියලා හදපු ඒවායේ වර්තමානයේ ඉන්න අය ජෝගි නටන්න හදන එක තමයි, මංතීරුවලින් පෙන්නුම් කරන්නේ”

ගොවිබිම් අක්කර 27,000 කට අමතරව කන්තලේ, ත්‍රිකුණාමලය, කින්නියා යන ප්‍රදේශවලට පානිය ජලය ද සැපයෙන්නේ මෙම ජලාශයෙනි.

මේ අතර කන්තලේ නගරයට පානීය ජලය ලබාදීමේ අරමුණනින් වැව් බැම්ම මත ජල පොම්පාගාරයක් ඉදිකිරීමට යාමෙන් 1986 වසරේ අප්‍රේල් 20 වැනිදා එය බිඳී ගිය අතර එහිදී ජිවිත මෙන්ම දේපළ රැසකට ද හානි සිදු විය.

මේ අතර නැගුණු විරෝධය හමුවේ පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ රළපනාව ආශ්‍රිතව ‍සැලසුම් කළ ඇවිදින මංතීරුව ඉදිකිරීම ද අත්හිටුවීමට ඊයේ පියවර ගත්තේ ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles