මහබැංකු අධිපතිලට විශ්‍රාම වැටුප් දෙන්න යයි – අර්ජුන් මහේන්ද්‍රන්ටත් විශ්‍රාම වැටුප්..?

0
383

බැදුම්කර වංචාව සම්බන්ධයෙන්ට ප්‍රධාන චූදිතයකුව සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා හටද විශ්‍රාම වැටුප හිමිවීමේ තත්ත්වයක් මේ වනවිට මතුව තිබේ.

ඊට හේතුව වී ඇත්තේ හිටපු මහබැංකු අධිපතිවරුන්ට ඔවුන්ගේ ධුර කාලය නොසලකා විශ්‍රාම වැටුප් ලබා දීමට මහබැංකුවේ මූල්‍ය මණ්ඩලය ගෙන ඇති තීන්දුවය.

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් තමන්ට හිමි විශ්‍රාම වැටුප ලබා දෙන ලෙසට ඉදිරිපත් කර තිබූ යෝජනාවකට අනුව මෙසේ හිටපු සියලු මහබැංකු අධිපතිවරුන්ට විශ්‍රාම වැටුප් ලබා දීමට තීන්දු වී තිබේ.

කෙසේවෙතත් පවතින නඩු කටයුතු හේතුවෙන් අර්ජුන් මහේන්ද්‍රන් මහතාට විශ්‍රාම වැටුප හිමිවේද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක්ද මේ වනවිට මතුව තිබේ.

Source : Mawrata

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here