‘කොරෝනා’ රෝගයට ලක්වූ තම බිරිඳගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් උත්සාහයක් ගත් නමුත් එය ව්‍යර්ථ වූ බව ආදිවාසී නායක ඌරුවරිගෙලාගේ වන්නිල ඇත්තෝ ප්‍රකාශ කළේය.
ඇය වකුගඩු රෝගයෙන් පෙළුණු අතර කාලයක් තිස්සේ රෝහල් වලින් ප්‍රතිකාර ලබාගත් බවද හෙතෙම පැවැසීය.
තමාගේ දියණිය මවට වකුගඩුවක් පරිත්‍යාග කළ බවද ඔහු කීවේය.
කොරෝනා රෝගයට ගොදුරුවූ දඹානේ ආදිවාසී පවුල් කීපයක්ම ප්‍රතිකාර ලබන බවත් හෙතෙම කීවේය.
කොරෝනා ආසාදිතව මහියංගනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බිරිඳගේ තත්ත්වය බරපතළ වූ බවත් ඇය පේරාදෙණිය රෝහලට මාරුකර යැවූ බවත් වන්නිල ඇත්තන් කීවේය.
ආදිවාසී නායකයාගේ පවුලේ තවත් පිරිසක් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවල පසුවෙති. ඔහුගේ පවුලේ පිරිමි දරුවන් හත්දෙනකු සහ ගැහැනු දරුවකු සිටින බව දඹානේ සුමනේ ඇත්තන් කීවේය.
ජීවිත කාලය පුරා එකට සිටි අයෙකු නොසිතු ලෙස වෙන්ව ගියපසු ඒ අඩුව කිසිදු අයුරකින් පිරවිය නොහැකි බැවින් සැවොම එක්ව කොරෝනා වසංගතය පාලනය කිරීමට මූලිකත්වය ගත යුතුව ඇතැයි වැදි නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ පැවසුවේය.
එකට අත් අල්ලාගෙන ජීවන ගමනේ යමින් සිටි සහකාරිය අතර මගදී අත් අතහැර ගිය විට දැනෙන වේදනාව සුළු පටු නැති බවත් මේ අදාල වී තිබෙන්නේ ලෝක ධර්මතාවය අවබෝධ කරන්න කාලයක් බවත් හෙතෙම කීය.
සිය බිරිඳගේ මරණය සැළ වීමෙන් පසු පේරාදෙණිය ශික්ෂණ රෝහලට පැමිණි අවස්ථාවේ හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
කොවිඩ් වෛරසය වැළඳී විශාල දහස් ගණනක් අප අත්හැර ගොස් තිබෙන බවත් ඔවුන්ගේ අහිමිවීම නිසා සාදාකාලිකව වේදනාවෙන් පසුවන තවත් විශාල පිරිසක් සිටින බවත් වන්නියලෑ ඇත්තෝ කීහ.
මෙම අවදානම් අවස්ථාවේ පවතින බැරෑරුම් තත්ත්වය පිළිබඳව සියලු දෙනා අවබෝධ කරගැනීම වැදගත් බවත් කොවිඩ් නිරෝධායන නීති රීති ගරුකරමින් කටයුතු කිරීම සියලු දෙනාගේ යහපතට හේතුවනු ඇති බවත් වන්නියලෑ ඇත්තෝ කීහ.