ජනතා විරෝධය මැඩපැවැත්වීම සඳහා හදිසි නීතිය ගෙනඑන බවට විපක්ෂය චෝදනා එල්ල කරන්නේ නම් එහි සැබෑ අරුත වන්නේ ජනතාව හදිසි නීතිය පනවනු ඇතැයි බලාපොරාත්තුවෙන් සිටි බව යැයි අමාතය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. ඒ අනුව හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම යනු ජනතා අපේක්ෂා ඉටු කිරීමක් ලෙස සැලකිය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කරනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමිනි.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළඳපොලට පැමිණීම පාලනය කිරීමට මිල පාලනය කිරීමට කටයුතු කරන්නේ නම් එම වෙළඳ ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා හදිසි නීතිය පැනවීම අනිවාර්ය බවත්, හදිසි නීතිය නොමැති නම් රජය වෙළඳපොල කටයුතු සඳහා පූර්ණ ලෙස මැදිහත් වියයුතු බවත් නානායක්කාර මහතා පවසනවා.
වත්මන් ජනාධිපතිවරයා සිය මිතුරාට වුවද කඩුව එසවීමට පසුබවට නොවන දුර්ලභ ගණයේ නායකයෙකු බව පෙන්වා දෙන වාසුදේව නානායක්කාර මහතා පවසන්නේ, මෙම වෙළඳ ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා සියලු දෙනාගේ සහයෝගය ජනාධිපතිවරයාට හිමිවිය යුතු බවයි