ඕනෑම නීතියක් පනවා වෙළෙඳ මාෆියාව මර්දනය කර ජනතාව ආරක්ෂා කරනවා

0
300

ආහාර සුරක්ෂිතතාවය ජාතික ආරක්ෂාවේ අංගයක් වන හෙයින් ඕනෑම නීතියක් පනවා වෙළෙඳ මාෆියාව මර්දනය කර ජනතාව ආරක්ෂා කිරීමට ආණ්ඩුවට වගකීමක් තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“මේ මොහොතේ භාණ්ඩවල කෘත්‍රිම හිඟයක් මවා පෙන්වීම අශිෂ්ට ක්‍රියාවක් බව කිව යුතුයි.

ඕනෑම නීතියක් පනවා මෙයින් ජනතාව ආරක්ෂා කිරීමට රජයට වගකීමක් තිබෙනවා.පක්ෂ පාට බේද නොබලා වෙළඳ මාෆියාව අප මර්දනය කරනවා. අද විපක්ෂය කරන්නේ රජය සමග එකතු වී වෛරසය විනාශ කිරීම නොව වෛරසය සමඟ එකතු වී රජය විනාශ කිරීමට උත්සාහ කිරීමයි”යනුවෙන් ද සරත් වීරසේකර මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here