තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 92,430ක් ඊයේ ලැබෙයි

0
293

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 92,430ක් ඊයේ (06) මෙරටට ලැබිණි.

එම එන්නත් තොගයත් සමඟ මේ වන විට ෆයිසර් එන්නත් මාත්‍රා පමණක් 756,990ක් මෙරටට ලැබී තිබෙන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව දැනුම්දම් දෙයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ මිලදී ගැනීමක් ලෙස මෙම එන්නත් තොගය මෙරටට ලබා ගත් අතර ෆයිසර් එන්නත් පළමු මාත්‍රාව 375,097කට ද, දෙවැනි මාත්‍රාව 191,758කට ද පෙරේදා (05) වන විට ලබාදී තිබේ.

කොවිඩ් මර්දන එන්නත් වන ෆයිසර්, මොඩර්නා, ඇස්ට්‍රාසෙනිකා, ස්පුට්නික්, සයිනොෆාම් සමස්තයක් ලෙස මාත්‍රා මිලියන 20.46ක් මෙරටට ලබා ගත් අතර මිලදී ගත් එන්නත්හි පමණක් වියදම රුපියල් බිලියන 35ක් බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here