Saturday, September 21, 2024

නව චක්‍රලේඛයෙන් දෛනික PCR, ඇන්ටිජන් සීඝ්රයෙන් අඩුකරලා. සමාජයේ ආසාදිතයින් ගැන පැහැදිලි තීරණයක් ගන්න බෑ – PHI සංගමය

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුගියදා නිකුත් කරන ලද චක්‍රලේඛයක් මගින් දෙනික පීසීආර් පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාව ඉතාම දැඩි ලෙස සීමාකර ඇති බවත් ඒ අනුව රටේ සැබෑ කොවිඩ් තත්වය පිළිබඳ නිවැරදි අවබෝධයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල දත්ත ඔස්සේ ලබාගැනීමට නොහැකි වී ඇති බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. 

“පළමු පෙළ ආශ්‍රිතයින් නිරෝධායනයෙන් නිදහස් කිරීම සහ රෝග ලක්ෂණ සහිත වූවන්ගේ PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සම්බන්ධව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. ඒ අනුව ඉතාම අවම මට්ටමින් තමයි කොවිඩ් පරීක්ෂණ සඳහා යොමු කිරීමට හැකියාව ලැබෙන්නේ. ඒ වගේම බොහෝ පළාත්වල මේ වෙද්දි PCR පරීක්ෂණ අවම වෙන විදිහට තමයි කටයුතු සලසලා කටයුතු කරමින් ඉන්නවා. මෙවැනි සීමා කිරීම් නිසා රෝගීන් වැඩිවීම හෝ අඩුවීම ගැන යම්කිසි අදහසක් ගන්න තියෙන හැකියාව නැතිවෙලා යනවා.”

උපුල් රෝහණ මහතා මේ බව පැවසුවේ ඊයේ (07) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles