කොස්ගම සාලාව යුධ හමුදා කඳවුරේ ආයුධ ගබඩාව පිපිරීම නිසා එම ප‍්‍රදේශයේ අවට ජනතාව තාවකාලික ස්ථාන වෙත යොමු කිරීම හේතුවෙන් අසරණ තත්ත්වයට පත්වූ එම ජනතාවගේ සුවදුක් විමසීම සඳහා බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා ඊයේ 06 එම ප‍්‍රදේශයට ගියේය.
එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් වන දිනේෂ් ගුණවර්ධන, බන්ධුල ගුණවර්ධන සහ පළාත් සභා මන්ත‍්‍රී මහේෂ් අල්මේදා යන මහත්වරුන්ද පැමිණ සිටියහ.