හොර පොල් කල්ලියට වැලේ වැල් නැති වෙයි

0
726
ඒකාබද්ධ විපක්ෂය ලෙසින් අටවා ගත් හොර පොල් කල්ලිය දැන් ගලේ පැහැරූ බළලුන්ගේ තැනට වැටී තිබේ. 
 
අලුත් පක්ෂක් හදා ගෙන චෞර මහින්ද රාජපක්ෂ එහි නායකයා කිරීමට මාන බලමින් සිටියත් මිනී මරු ගෝඨාභය රාජපක්ෂට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉහළ තනතුරක් ප්‍රධානය කිරීමට යන කතාබහ නිසා හොර පොල් කල්ලිය සලිත වී ඇති බවට වාර්තා වෙයි. චෞර මහින්ද රාජපක්ෂ දැන් හොඳටම යල්පැන ගොස් මාර්කට් කිරීමට නොහැකි නිසා හොර පොල් කල්ලියේ අදහස වී තිබුණේ මිනී මරු ගෝඨාභය එහි නායකයා කිරීමටය.
 
ජනතා මුදල් හා දේපළ කොල්ල කෑ බැසිල් එහි නායකත්වයට පත් කිරීමට හොර පොල් කල්ලියේ බුහුතරයක් විරුද්ධත්වයක් පළ කරයි.චෞර මහින්ද පරාජයට පත් වුණේ බැසිල්ගේ වැඩ නිසා බවට කල්ලියේ බොහෝ දෙනා තුළ මතයක් පවතියි. වරක් මිනී මරු ගෝඨාභයගෙන් මාධ්‍ය අලුත් පක්ෂයේ නායකයා ඔබ දැයි විමසූ අවස්ථාවේදී පස්සේ බලමු යැයි උත්තර දුන්නේය.
 
කෙසේ වෙතත් රාජපක්ෂවරයෙකු නොමැතිව හොර පොල් කල්ලියට ගමනක් නැත. කිරුලපන රැස්වීම සංවිධානය කිරීමට බැසිල් අත ගැසූ දා සිට හොර පොල් කල්ලියේ මණ්ඩලය කචල්‍ ය. මේ කල්ලියේ සිටින බහුතරය හොරුන් හා මැරයින් නිසා බහුතරය උත්සාහ ගන්නේ කෙසේ හෝ නායකයා වීමටය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here