Thursday, October 31, 2024

තවත් නව වෛරස්, සැර ප්‍රභේද වරින් වර මතුවෙන බවක් ගැන ඇමතිනීගෙන් කතාවක්

සංචරණ සීමා පණවා එක් ප්‍රභේදයක් පාලනය කළත් තවත් අලුත් සැර ප්‍රභේද වරින් වර මතුවිය හැකි බවත් පවතින තත්වය තේරුම් ගෙන ජනතාව කොවිඩ් සමග ජීවත්වීමට හුරු පුරුදු විය යුතු බවත් ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

අද ලෝකයේ බොහෝ රටවල් ලොක්ඩවුන් තත්වයට නොයන බවත් චෝදනා කිරීමෙන් වැළකී කොරෝනා පරාජය කිරීමට සියලු දෙනා එක් විය යුතු බවත් මේ පවතින්නේ චෝදනා කර කර ඉඳීමට කාලයක් නොවේ යැයිද විශාල අර්බුදයක් තිබෙන අවස්ථාවක සමහරු ෂර්ලොක්ලා වගේ මස් රාත්තලම ඉල්ලීම වැරදියි යැයිද ප්‍රනාන්දුපුල්ලේ කීවාය.

එන්නත්වලට ලොකු ඉල්ලුමක් ඇතිවී ඇති වී තිබෙන හෙයින් සමහර ස්ථානවල ලොකු තදබදයක් පවතින බව පැවසූ රාජ්‍ය ඇමැතිවරිය එවැනි ස්ථානවල ජනතාව සෞඛ්‍ය නීති හරියාකාරව පිළිපැදිය යුතු බවද පශ්චාත් කොවිඩ් රෝගී තත්වයන් සම්බන්ධ තොරතුරු සායනික වෛද්‍යවරුන් ලබාදිය යුතු බවද විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. 

True News.lk

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles