කොවිඩ් වලට තවත් එන්නතක් චීනයෙන්

0
268

චීනය ෆයිසර් සහ මොඩර්නා එන්නත් නිපදවීමට භාවිත කරන උසස් mRNA තාක්ෂණයට සමාන තාක්ෂණයක් යොදාගනිමින් ආර්කොව් නමැති එන්නතක් නිපදවීමට සූදානම් වනවා.

මෙහි පළමු සහ දෙවන අදියරවල සායනික අත්හදාබැලීම් චීනයේදී සිදුකර තිබෙන අතර තුන්වන අදියරේ මහාපරිමාණ සායනික අත්හදාබැලීම් මෙක්සිකෝවේදී සහ ඉන්දුනීසියාවේදී සිදුකිරීමට අනුමැතිය හිමිවී තිබෙන බවද වාර්තා වනවා.

එන්නත් නිෂ්පාදනාගාරයේ මෙහෙයුම් ඔක්තෝබර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතව තිබෙන අතර මෙම එන්නත කාමර උෂ්ණත්වය යටතේ සතියකට වැඩි කාලයක්ද, සෙල්සියස් අංශක 4ක උෂ්ණත්වයක් යටතේ දිගු කාලයක් ගබඩාකර තබාගැනීමේ හැකියාවක් ඇති බව චීනය පවසනවා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here