වරායෙන් සතොස ගත් සුදුළූණු බහාලූම් 02 ක්, තෙවන පාර්ශ්වයකට අලෙවි කිරීම ගැන පරික්ෂණ

0
301

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ලංකා සතොස ආයතනය වෙත ලබා ගත් සුදුළූණු බහාලූම් 02ක්, තෙවන පාර්ශ්වයක් වෙත අළෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කඩිනමින් පරික්ෂණයක් ආරම්භ කරන ලෙස වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නිළධෘරින්ට උපදෙස් දී තිබෙනවා.

සතොස ඉහළ කළමණාකාරිත්වයේ කිසිදු අනුමැතියකින් තොරව පෙරේදා මෙම බහාලුම් දෙක තුන්වන පාර්ෂවයක් වෙත ලබා දී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ගේ රාජකාරී තහනම් කිරීමට පියවර ගන්නා ලෙසද වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සතොස ආයතනයේ ඉහළ බළධාරින් වෙත නියෝග කර තිබෙනවා.

එමෙන්ම මේ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීල්ලක් කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දී ඇති බවයි වෙළද අමාත්‍යංශය සදහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here