Tuesday, September 24, 2024

ත්‍රස්තවාදයට එරෙහිව බ්‍රික්ස් රටවල් එකගතාවයක.

ත්‍රස්තවාදයට එරෙහිව එක්ව කටයුතු කිරීමට බ්‍රික්ස් රටවල් රාජ්‍යය නායකයන් එකගතාවයකට පැමිණ තිබේ.

පසුගියදා අතත්‍ය ක්‍රමවේදය ඔස්සේ බ්‍රික්ස් රටවල රාජ්‍ය නායකයන්ගේ හමුව පැවති අතර එහි සත්කාරකත්වය ඉසුලුවේ ඉන්දියාවයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, චීන ජනාධිපති ෂී ජින් පිං, රැසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින්, බ්‍රසීල ජනාධිපති බොල්සනාරෝ සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා මෙම සමුලුවට එක්වූහ.

එහිදී ඔවුහු කරැණු 16කින් සමන්විත නවදිල්ලි ප්‍රකාශනයට එලඹුණු අතර, ඊට දේශසීමා ඉක්මවා යමින් ත්‍රස්තවාදය වළක්වාලීමට කටයුතු කිරීම, ත්‍රස්තවාදී කටයුතු සදහා අරමුදල් සම්පාදනය වළක්වාලීම ඇතුළු කරැණු ඇතුළත්ව තිබේ.

මීට අමතරව බ්‍රික්ස් රටවල නායකයන් ඇෆ්ගනිස්තාන අර්බුදයත් සමග මතුව ඇති නව ලෝක සහ කලාපීය තත්වයන් පිළිබදවද සාකච්ඡා කර ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles