Tuesday, September 24, 2024

දත්ත මැකීම ගැන ආණ්ඩුව නාට්‍යයක් රඟපානවා! කොරෝනා මිලදී ගැනීම් ‘ඩිජිටල්’ නොකර මැනුවල් කිරීමම ලොකු පටැලවිල්ලක්!

රජයේ ක්ලවුඩ් දත්ත පද්ධතියේ තිබූ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී ගිය ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුව නාට්‍යයක් රගපාන බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති, රවී කුමුදේශ් මහතා කියා සිටියේය.
සෞඛ්‍ය වෘත්තීය සමිති මේ පිළිබඳව ඒ මහතා මතු කළ කරුණු මෙසේය.

‘ඖෂධ නියාමන අධිකාරියේ දත්ත සොරකම සම්බන්ධයෙන් මට පේන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රාජ්‍ය අමාත්‍යාංශය, සහ රජය රඟ දක්වන්නේ නාට්‍යයක්.අපරාධ පරීක්ෂණයකට ලක් වෙච්ච ආයතනයක් මන්ත්‍රීවරුන්ගේ පරීක්ෂණයට ලක් කරලා අපරාධ පරීක්ෂණය ප්‍රතිඵල එන්න ඉස්සෙල්ලා ඒකට සුදු හුණු ගෑම කියන කාරණාව, අපිට පේන්නෙ ඒ වැරැද්ද වහන්න දරන උත්සාහයක් විදිහට.

ඇයි මේ මන්ත්‍රීවරු මේකට සුදු හුණු ගාන්න ගියේ? පෞද්ගලික ආයතන ප්‍රධානියාව අත්අඩංගුවට ගත්තා කියලා ප්‍රචාරයක් යවලා ඒක මටසිලුටු විදිහට පහුවදාට නිදහස් කරල යවනවා. එතකොට කවුරුත් කියන්නේ නැහැ ඒ වගකිවයුත්තා කවුද කියලා. ඒ නිසා අපි කියන්නේ මේ වෙලාවේ මේ දත්ත පිළිබඳ ගැටලු සහගත තත්ත්වයට උත්තරයක් නැහැ, ඉවර නැති පරීක්ෂණයක් පිළිබඳව ඔවුන් සුජාතකරණය කරනවා මෙතන ප්‍රශ්නයක් නැහැ කියලා.

එතකොට තව පැත්තකින් කියනවා කොවිඩ් මිලදී ගැනීම් සඳහා ප්‍රශ්නයක් වුණේ නැහැ කියලා. කෝවිඩ් මිලදී ගැනීම් සියල්ල සිදුවුණේ manual file වල කියලා. එතකොට අපිට තියෙන ප්‍රශ්නය තමයි ආයතනයක් අපි ඩිජිටල්කරණය කරන්නේ, ඉතා වේගයෙන් වැඩ කටයුතු කරන්න. ඇයි එහෙම නම් අනිත්‍ වේගයෙන් කරද්දි covid ඒව manual කරලා හිමින් කරේ? එහෙමනම් එතනත් ප්‍රශ්නයක් තියෙනවා. ඇයි ඩිජිටල්කරණයට කොවිඩ් නිෂ්පාදන දායක කර ගත්තෙ නැත්තෙ? ඒ කියන්නේ මෙතැන කිසියම් පටලැවිලි සහගත තත්ත්වයක් තියෙනවා.

ඒ නිසා මේ පටලැවිලි සහගත තත්ත්වයට වගකිව යුත්තෝ සහ හේතුව රටට හෙළිදරව් වෙන්න ඕන. ඒක තාම හරියට වෙනවද කියල අපිට පේන්න නැහැ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles