මෙරට ඇෆ්ගන් තානාපති තලේබාන් පාලනයට එරෙහි වෙයි. තලේබාන් කැබිනට් එක පිළි නොගනී.

0
350

තලේබාන් සංවිධානයේ අතුරු කැබිනට් මණ්ඩලය පිළිගැනීම ශ්‍රී ලංකාවේ ඇෆ්ගන් තානාපතිවරයා ලෙස සිටින අෂ්රෆ් හයිදාරි මහතා ප්‍රතික්ෂේප කර තිබේ. තලෙයිබාන් රජය නීත්‍යානුකූල නොවන බව අෂ්රෆ් හයිදාරි ශ්‍රී ලංකා රජයට සහ කොළඹ පදනම් කරගත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවට පවසා ඇතැයි ඩේලි මිරර් වාර්තා කර තිබේ. තාවකාලික කැබිනට් මණ්ඩලය සහ අගමැතිවරයෙකු පත් කරන බව තලේබාන් සංවිධානය මේ සතියේ නිවේදනය කර තිබුණි. ජාත්‍යන්තරව පිළිගත් ඇෆ්ගනිස්ථාන තානාපතිවරුන් කිසිවෙකුත් ඊනියා තලෙයිබාන් අන්තර්වාර කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත් කිරීම පිළිගෙන නැති බව හයිදාරි කියා සිටී. තලේබාන් කැබිනට් මණ්ඩලයට එහි නායකත්වය අනුමත නොකළ ත්‍රස්තවාදීන් ඇතුළත් වන අතර කාන්තාවන් මෙන්ම ජනවාර්ගික, ආගමික හා සුළු ජාතීන් සියල්ලන්ම එයින් බැහැර කර ඇතැයි ද අෂ්රෆ් හයිදාරි පවසයි. ලොව පුරා පිහිටි සියළුම ඇෆ්ගන් තානාපති කාර්යාල සිය සාමාන්‍ය රාජකාරි කටයුතු කරගෙන යන බවද හයිදාරි ශ්‍රී ලංකා රජයට සහ විදේශ තානාපති කාර්යාලවලට ද පවසා තිබේ.

Sri Lanka Mirror වෙබි අඩවිය ඇසුරිනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here