අලුත් ව්‍යවස්ථා කෙටුම්පත නොවැම්බරයේ එළියට එයි!

0
348

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුව එළඹෙන නොවැම්බර් මාසයේදී අවසන් කෙටුම්පත ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

එම කමිටුව මේ වනවිට ඒ සදහා තවත් මාස 3ක කාලයක් ඉල්ලා ඇති අතර ජනාධිපති ලේකම් කාර්යාලය විසින් එම කාලය ලබා දී ඇති බව දැනගන්නට ඇත.

කමිටුවට සමීප ආරංචි මාර්ග පැවසුවේ රට තුළ පවතින කොවිඩ් -19 තත්ත්වය හේතුවෙන් ඇති වූ ප්‍රමාදයන් හේතුවෙන් මෙම සේවා දිගුව ඉල්ලා සිටි බවයි.

එමෙන්ම මූලික කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් අධ්‍යනය කරමින් සිටින බවද දැනගන්නට තිබේ.

මෙම කමිටුවේ සභාපතිත්වය ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා දරන අතර ගාමිණී මාරපන ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, සමන්ත රත්වත්තේ, මහාචාර්ය නසීමා කමාර්දීන්, ආචාර්ය ඒ. සර්වේෂ්වරන්, මහාචාර්ය වසන්ත සෙනෙවිරත්න සහ මහාචාර්ය ජී.එච්. පීරිස්. එහි සෙසු සාමාජිකයෝ වෙති.

Mawrata News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here