සංචාරක හෝටල් වල මත්පැන් විදේශිකයන් සඳහා අලෙවියට අවසර

0
311

සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිත, සුරාබදු බලපත්‍ර හිමි සංචාරක හෝටල් සඳහා විදෙස් සංචාරකයන්ට මත්පැන් විකිණීම සඳහා අවසර ලබාදෙන බව සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසනවා.

සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීමේ) කපිල කුමාරසිංහ මහතා නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ සුරාබදු ර.බි. 07, සුරාබදු ර.බි. 08, සහ බුටික් විලා යන වර්ගවලට අයත් බලපත්‍ර හිමියන්ට මෙම අවසරය හිමිවන බවයි.

පූර්ණ එන්නත්කරණයට ලක් වූ විදෙස් සංචාරකයන්ට සංචාරක බුබුළෙන් මිදී රටේ ඕනෑම ස්ථානයක සංචාරය කිරීමට මෙන්ම ලියාපංචි ඕනෑම සංචාරක හෝටලයක නවාතැන් ගැනීමට මීට පෙර අවසර ලබා දී තිබූ අතර ඊට සමගාමීව එම සංචාරක හෝටල්වල මත්පැන් අලෙවියටද අවරස ලබා දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here